-20%

කැමේලියාගේ දිනපොත

Original price was: රු2000.Current price is: රු1600.

සිතූ දිල්රුක් – Sithu Dilruk

SKU: Kaemeliyage Dinapotha-Sithu-Saravi Categories: , Tag:

Description

  • පොතෙහි නම  : කැමේලියාගේ දිනපොත – Kaemeliyage Dinapotha
  • කතෘ               : සිතූ දිල්රුක් – Sithu Dilruk
  • වර්ෂය             : 2026
  • පිටු ගණන       : 495
“මේ අහන්නකෝ දේවා.. අපි කාටහරි ආදරේ කරනවා නම් ඒක හිතේ තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ.. ඒක එයාට කියන්න ඕන.. මන් නම් මම ආදරේ කරන අයට නිතරම කියනවා මම එයාලාට ආදරෙයි කියලා.. දැන් හදිසියේ හරි මම මෙතනින් පහළට වැටිලා මැරුණා නම් එහෙම, ඔයාට ආයේ කවදාවත් මට ආදරෙයි කියලා කියන්න වෙන්නේ නෑනේ.. ඒ වගේම තමයි මට ආයේ කවදාවත් ඔයාගේ කටින් ඒක අහගන්න වෙන්නෙත් නැහැ.. ඔයා දන්නවාද දේවා.. මට කලින් ආත්මේ වුණ කිසිම දෙයක් මතක නෑ තමයි.. ඒත් මම දේදුණුගේ ඩයරීස් ඔක්කොම කියෙව්වා.. එතකොට මට හිතුණේ එකපාරක් මැ රිලා ආයේ ඉපදිලා ඔයාව හොයාගෙන එන්න තරමටම මම ඔයාට කොච්චර නම් ආදරේ කරන්න ඇත්ද කියලායි.. පොඩි කාලෙදිත් මමනේ ඔයාව මුලින්ම හොයාගෙන ආවේ.. මට අපේ ආදරේ කිසිම දෙයක් මතක නෑ තමයි.. හැබැයි මට ඒ ආදරේ ගොඩාක් දැනෙනවා.. මම කලින් ආදරේ කළෙත්, දැන් ආදරේ කරන්නෙත්, ඉස්සරහට ආදරේ කරන්න බලාපොරොත්තු වෙන්නෙත් ඔයාට විතරමයි.. ඉතින් ඒක නිසා බොරුවට මට ප්රපෝසල් හොයන්න මහන්සි වෙන්න එපා.. ඔයා මේ කරන්නේ ඔයාවත් රවට්ටාගෙන මාවත් රවට්ටන වැඩක්.. ඔයා තාමත් හිතන්නේ අපේ තාත්තිට වෙච්ව පොරොන්දුව ගැන නම්, මට කියන්න තියෙන්නේ ඒක එච්චර හිතන්න තරම් දෙයක් නෙවෙයි කියලා.. මගේ තාත්ති ඉස්සර ඉඳලාම මම ඉල්ලන කිසිම දෙයක් නොදී ඉඳලා නෑ.. දැන් එයා හිටියා නම් එහෙම, මට ඔයාව ඕනමයි කියලා පොඩ්ඩක් විතර ඇඬුවා නම් නිකම්ම එයා ඔයාට කැමති වෙනවා.. ඔයා දන්නවාද දේවා.. අතන මම කාර් එකේ ගහ උඩ හිරවෙලා ඉන්නකොට මට කොච්චර ලොකු බයක් දැණුනාද කියලා.. මම බයවුණේ මැරෙන්න නෙවෙයි.. ඔයාව දාලා යන්න වෙයි කියලායි මම බයවුණේ.. කලින් ආත්මේ මට වැඩි කාලයක් ඔයාගේ ආදරේ විඳින්නේ නැතුවම යන්න වුණා.. මම බයවුණා මේ ආත්මෙත් මට ඔයාගෙන් ආදරෙයි කියලා අහගන්නෙවත් නැතුවම මැරෙන්න වෙයි කියලා.. මම බයවුණා කලින් ආත්මේ ඉෂ්ට කරගන්න බැරිවුණු මගේ බලාපොරොත්තු මේ ආත්මෙදිත් මට ඉෂ්ට කරගන්න බැරිවෙයි කියලා..”
💚 සුපිපි කැමේලියා වංශනාථ 💚

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.