-20%

නූපුරක් ඉකි බින්දා

Original price was: රු1000.Current price is: රු800.

නිපුනි සන්ද්‍යා රුද්‍රිගු – Nipuni Sandya Rudrigo

SKU: Nupurak Iki Binda-Nipuni-Bookrack Categories: , Tag:

Description

  • පොතෙහි නම  : නූපුරක් ඉකි බින්දා – Nupurak Iki Binda
  • කතෘ               : නිපුනි සන්ද්‍යා රුද්‍රිගු – Nipuni Sandya Rudrigo
  • වර්ෂය             : 2026
  • පිටු ගණන       : 192

උදෑසනම සුදීගේ වේලාපත්කඩය අතට ගත් ඩිංගිරාල ගුරුන්නාන්සේ බෙං ගඟේ ඉහළ මායිමේ කපුරුහාමි වෙදහාමිනේ හමුවීමට ලකලෑස්ති වුණේය. පෙරදා රැයේ එතනිටවත් නොකියා පෙට්ටගමෙන් සොයාගත් සුදීගේ වේලාපත්කඩය බලා ගුණාගුණ අසා දැනගත යුතු යැයි සිතුණේ වරක් දෙවරක් නොවේ. අහල ගං තුලානවල හැම ගැහැනියක්ම මිනිසෙක්ම කපුරුහාමි වෙදහාමිනේට දක්වන්නේ ගෞරවයකි. ඈ කියන දෙයක් ටක්කෙටම හරියන බවත් වැරදි නැති බවත් ගම්මුන් කියන්නේ උපරිම විශ්වාසයෙනි. ළමයින්ට නම් දමාගැනීමට, ඉඳුල් කටගෑමට මෙන්ම යන්තම් උවමනා වුණොත් කියා අකුරක් දෙකක් කියවා ගැනීමටත් මල්වර නැකතට ඉසදිය වක්කරන වේලාවක් බලාගැනීමටත්, උවමනා වත් පිළිවෙත් අසාගැනීමටත්, එන්නේ ඈ ළඟටය. ඒ සියලු කාරණා සිතින් මෙනෙහි කරමින් කාටත් නොපෙනෙන්නට වේලාපත්කඩය ඉණ රඳවාගත් හේ ඉක්මනින්ම ඉඳිකඩ පැන්නේ යන ගමන කාගේවත් කනේ නොතබමිනි.

ඩිංගිරාල ගුරුන්නාන්සේ පිටත්ව ගිය සැණින් වැලිපාරේ කඩපිල පැත්තට ඇදෙන වේගවත් ඡායාව කාගේදැයි අඳුනාගන්නට සුදී එදෙසට පා නැගුවාය. ගමනේ වේගය ඉක්මන් වැඩි බැවින් ඡායාව ගස්වැල් අතරින් නොපෙනී ගියෙන් යන්නේ කවුදැයි සුදීට අඳුනාගත නොහැකිවිය. පිළිකන්නේ සිට දෙපා ඇඟිලි තුඩුවලින් ඉස්සි ඉස්සි බලන තම සොහොයුරියගේ විපරම කුමක්දැයි දැන-කියාගැනීමට සසඳාට ඇතිවූයේ නොඉවසිල්ලකි.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.