Description
- පොතෙහි නම : මචං – Machan
- කතෘ : තාරු රාජපක්ෂ – Tharu Rajapaksha
- පිටු ගණන : 207
මේ අතර අකිර පාලු නිවසක සිටියි.ඔහුගේ අත පය ගැට ගසා පුටුවක තබා සිටි කෙනෙක් වීඩියෝ කරන අතර තව කෙනෙක් මුහුණ කලු පැහැති ආවරනයකින් වසාගෙන පිහියක් අතේ තබා ගෙන සිටියි.
”මාව නිදහස් කරපියව්”
අකිර වැරෙන් කෑ ගසයි.
”ආයේ කෑ ගැහුවොත් උඹ ඉවරයි.”
”මම කෑ ගහනවා…මගේ තාත්තා දාඩිය මහන්සියෙන් හම්බ කරපු
සල්ලි තොපිට දෙන්නේ නෑ යකෝ”
”කෑ නොගහ හිටපිය”
වීඩියෝ කරන කෙනා පවසයි.
”බෑ මම කෑ ගහනවා කාලකන්නි යක්කු”
අකිර නැවත බෙරිහන් දෙයි.
”යකෝ වීඩියෝ කරලා ඉවරයි. එළියට ඇහෙන්න කෑ ගහන්න එපා”
අකිරගේ මිතුරු බුද්ධික පවසයි.
”ඉවරනම් කියපංකො යකෝ මේ මඟුල ඔළුවේ දාගෙන ඉන්න බෑ දාඩිය දානවා”
දුලංජන සිනහවි එමින් මුහුණ ආවරණය ගලවයි.
”යකෝ මේ වීඩියෝ කෝල් එහෙමනම් ගන්න බෑ හොඳේ
ඔනෙනම් ඔය ගත්ත වීඩියෝව යවපන් තාත්තට”
”ඇයි ඒ”
”මට හිනා යයි බං”
අකිර පැවසීය.









Reviews
There are no reviews yet.