-20%

නැන්දම්මාගේ ඩයරිය

Original price was: රු1000.Current price is: රු800.

කල්පනා කස්තුරිආරච්චි – Kalpana Kasthuriarachchi

Description

  • පොතෙහි නම : නැන්දම්මාගේ ඩයරිය – Nandammage Dayariya
  • කර්තෘ            : කල්පනා කස්තුරිආරච්චි – Kalpana Kasthuriarachchi
  • ප්‍රකාශනය       :
  • වර්ෂය             : 2025
  • පිටු ගණන       : 194
  • ශ්රී ලංකාව තුල ඕනෑම තැනකට ප්රවාහන ගාස්තුව රු.290/=
    ( 1000/= වැඩි ඇණවුම් සඳහා)
    රු.5000/= වඩා වැඩි ඇණවුම් සඳහා ප්රවාහනය නොමිලේ❤️
    ප්රවාහන ගාස්තුව රු.350/=
    ( 1000/= අඩු ඇණවුම් සඳහා
අප්පා දැන් තියාම මගේ මල් පැළ ටික ගේ පිටිප්සට දාන්නත් ඕනා. නැත්තම් ඔය එන ගෑනු පෝච්චිත් පිටින් පැළ උගුල්ලන් යන්නේ. හැනේ අක්කේ…මේකේ අතුද පැළ වෙන්නේ? අක්කේ…මේකේ ඇට නැද්ද? අක්කේ මේකේ පැළ නැද්ද? හැනේ…ගිය පාර ගෙනිච්ච පැළේ මළා…හැච පැච හැච පැච තමා.
මං මේ පැළ කොච්චර අමාරුවෙන්ද හොයාගන්නේ කියලා ඕකුන් දන්නවා යැ. පන්සල ළඟ ගේක තිබුණ මේ බිගෝනියා පැළවලින් අතු කෑලි කඩාගන්නම මම සතියක් හවසට පන්සල් ගියා එක දිගට. මුන් දන්නවයැ ඒවා? එක පාරක් ජපන් අරලියා අත්තක් කඩන්න ගිහින් මටත් වඩා උස බලු තඩියෙකුත් තව ඩිංගෙන් මගෙන් කෑල්ලක් කඩන් කනවා. මුන්ට නම් මොකද? ඉඳලා ඉඳලා ඇවිත් හෑනේ…අක්කේ, බක්කේ… හුක්කේ…” ගාලා පෝච්චි පිටින් ගලවන් යන්න නේ තියෙන්නේ.
******************
නැන්දම්මාගේ ඩයරිය…
2022 ජුනි 20
දැන් මට ටික ටික වාහනේ එළවගන්න පුළුවන්. ඔන්න අද ලේලි මට පාරේ යන්න පුරුදු කරන දවස. අපෝ! ඒකි එක්ක බෑ… “බේක් ගහන්න, ගහන්න. ඇස්සොලේටරේ පාගන්න, පාගන්න. කපන්න, කොටන්න, තෙල් දාන්න, තෙම්පරාදු කරන්න.” ගගා බෙරිහන් දෙනවා. “ලයිට් දාන්න, හෝං ගහන්න, කෙළින් යන්න.” ගාලා ආයේ කන ළඟ කෑ ගහනවා.
අන්තිමට ලේලිගෙ දෝස් මුරේ මැද්දේ හන්දියෙන් වාහනේ වමට හරවලා ටිකක් දුර ගිහින් හරවගෙන ආවා. ආයේ ගියා. මෙන්න යකඩෝ ශීලගෙ බඩකඩිත්තුව අපේ පිටිපස්සෙන් හෝං ගහනවා. යකෝ… ඒක පුදුම හෝං එකක්. හිටපන්කෝ… ඕකිට කොහෙ යන්න තදියමද? මම ගියේ හෙමීටමයි. මම හෙමීට ගිහින් කෙළින්ම හැරෙව්වා හන්දියෙන් ඇතුළට. ගැහුවා බ්රේක්. අප්පටසිරි! ඇන්නෙ නැතෑ ශීලා ඇවිත් පැත්තෙන්. මේකිගෙ පැලියාව කොච්චරද? දෙයි සන්තෝ… පුතාගෙ වාහනේ පැත්ත ඉවරයි. ලැයිසොනුත් නෑ නේ. අන්තිමට ලේලි එළෙව්වේ කියලා ඉන්සූරන්ස් එකට කතා කරලා යන්තම් ඒ හුටස්පරේ ඉවර කළා. ශීලගෙ ඉන්සූරන්ස් එකට කලින් අපේ එක ආවා. හොඳ වැඩේ ඕකිට.
******************

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.