-20%

ගාලු මුවදොර වර්ණ විප්ලවය

Original price was: රු2000.Current price is: රු1600.

SKU: Galu Muwadora Warna Viplawaya-Mohan-Fast Categories: , Tag:

Description

  • පොතෙහි නම  : ගාලු මුවදොර වර්ණ විප්ලවය – Galu Muwadora Warna Viplawaya
  • කතෘ               : මොහාන් සමරනායක – Mohan Samaranayaka
  • පිටු ගණන       : 544

2026.05.18 වන දින සිට බෙදාහැරීම් ආරම්භ කෙරේ.

2022 මාර්තු සිට ජූලි දක්වා ගාලු මුවදොර පැවැති ‘අරගලය’ ශ්‍රී ලංකාවේ ස්ථාපිත දේශපාලන ව්‍යුහයට මහත් බලපෑමක් හා අභියෝගයක් කළ සංසිද්ධියකි. ගාලු මුවදොර සංදර්ශනාත්මක සිදුවීම් පමණක් ආවරණය කරන ඇතැමෙක් එය ඉතා සුන්දර, සාමකාමී, නිර්දේශපාලනික සිදුවීමක් ලෙස හුවා දක්වති. ප්‍රචණ්ඩත්වයෙන් හා බලහත්කාරයෙන් සලකුණු වූ ‛අරගලය’ විසින් ඡන්දයෙන් තෝරාගත් ජනාධිපති පලවා හැරීම හා ඒ පිටුපස විදේශ රාජ්‍යයන්ගේ මැදිහත්වීම යටපත් කොට ඇත. එය සැබෑ ලෙසම එවක ජනාධිපතිට හා ඔහුගේ පවුලට එරෙහි විරෝධතා ව්‍යාපාරයක ස්වරූපයෙන් මෙරට සිංහල – බෞද්ධ බහුතරයේ පාලනයට විරුද්ධව ක්‍රියාත්මක වූ දේශපාලනයකි.

‛අරගලය’ නමින් හඳුන්වන ලද ව්‍යාපාරය විෂයය කොට මොහාන් සමරනායක විසින් රචනා කරන ලද ‘ගාලු මුවදොර වර්ණ විප්ලවය හෙවත් රෙජිම් චේන්ජ් ව්‍යාපෘතිය 2022’ නමැති කෘතිය රෙජිම් චේන්ජ් මෙහෙයුම් ඉතිහාසය, ගාලු මුවදොර ‘අරගලයේ’ පසුබිම, භූ දේශපාලන හා ආර්ථික සාධක, ජනමාධ්‍ය චර්යාව, ආරක්‍ෂක හමුදා ක්‍රියා කලාපය, දේශපාලන හා ආර්ථික ප්‍රතිවිපාක ආදී පැතිකඩ විමර්ශනය කරයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා උපාධිධාරියකු වන මොහාන් සමරනායක මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ක්‍ෂේත්‍රයේ දශක හතරකට වැඩි පරිචයක් ඇති මාධ්‍යවේදියකු හා පොදු බුද්ධිමතකු වෙයි. ඔහු ස්වාධීන මාධ්‍යකරණය හා දැනුවත් මහජන සංවාදය වර්ධනය කිරීමට මහඟු දායකත්වයක් ලබා දී ඇත. සම්මත හා මධ්‍යස්ථ දේශපාලන විශ්ලේෂණය, පාලනය පිළිබඳ ගැඹුරු අදහස් පළ කිරීම හා නිවැරැදි වාර්තාකරණය අතින් ඔහු විශේෂයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටී.

මොහාන් සමරනායක තම කෘතිය රචනා කිරීමේ දී ජාතික හා ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ දැනුම හා අවබෝධය සහ දේශීය මාධ්‍ය ක්‍ෂේත්‍රයේ හා අන්තර්ජාතික සංවිධානයක මාධ්‍ය ප්‍රකාශකයකු ලෙස ලැබූ අත්දැකීම් මැනවින් භාවිත කර ඇත. මෙම කෘතිය ජාතිමාමක පුරවැසියනට, ජාතික හා ජාත්‍යන්තර දේශපාලනය අධ්‍යයනය කරන්නන්ට හා සාමාන්‍ය පාඨකයාට ද අතිශයින්  ප්‍රයෝජනවත්ය.

– ආචාර්ය ගාමිණී සමරනායක

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.