Description
- පොතෙහි නම : නවාතැන නුඹ – Nawathana Numba
- කතෘ : යසන්දි අතපත්තු – Yasandi Athapaththu
- වර්ෂය : 2026
- පිටු ගණන : 391
එදා සමාධි ඈතට යද්දි දේවකගේ හදවතේ කොටසක්ම හිස් උනා. හිඩැස පුරවන්න ආයේ කවදාවත් දේවකට පුලුවන් උනේ නෑ. කාලාන්තරයක්ම ඒ හිඩැස පිරෙව්වේ පසුතැවිල්ල. අවුරුදු දහයක් විතර ඒ පසුතැවිල්ල තියාගෙන කොහෙන් හෝ සමාධිටයි ඔහුටයි නැවත පටන් ගැන්මක් තියේවි කියලා ඔහු බලන් හිටියා. පස්සේ පස්සේ තවත් අවස්ථාවක් නෑ කියලා ඔහු හිතට ප්‍රත්‍යක්ෂ කර ගත්තත් එදා සමාධිගේ අන්තිම වචන ටික තමන් හොද ප්‍රේමවන්තයෙක් කියන දේවකගේ ආත්ම විශ්වාසය කීතු කීතු වලට ඉරලා දාලා තිබ්බේ. තවත් කාලයක් යනකංම ඒ ආත්ම විශ්වාසය හදා ගන්න බැරි උනා ඔහුට. වයසත් එක්ක මුහුකුරා යනවත් එක්කම ජිවිතේ කවදා මොනවා සිද්ධ උනත්, විදින්න ලැබුන ජීවිතය විදවන එක හරි විඳින එක හරි තමන්ගෙම තෝරාගැනීමක් මිසක් වෙන කිසිම දේකින් තීරණය වෙන දෙයක් නොවන බව ඔහු තේරුම් ගත්තා. එවන් ගැඹුරු වගේම නිදහස් මනසකින් දේවක කාලේ ගෙව්වත් හදවතේ හිඩැසක් එක්ක ප්‍රේමයක් අරඹන්නේ, විදින්නේ කොහොමද කියලා ඔහු වද උනා. ඒ අතරවාරයේ හදිසියේම දේවකට ලාබාල කෙල්ලක් මුණ ගැහුනා. ඇය හමුවෙච්ච දවසේ පුංචි පිහි පහරින් පසාරු උනේ ඔහුගේ කලව නෙවෙයි හදවත. තවත් කෙනෙක්ට අඩුවක් නැතුව ආදරේ දෙන්න පුලුවන් කිසිම හිඩැසක් නැති සම්පූර්ණ හදවතක් ඔහුට තියන බව හදවත පසාරු කරපු ඒ පහරින් ඔහු තේරුම් ගත්තා.







Reviews
There are no reviews yet.