-20%

“බිහිසුණු වනාන්තරයක අතරමංව

Original price was: රු1400.Current price is: රු1120.

SKU: bihisunu wanantharayaka-Pathirat-Wijesooriyahna- Categories: , Tag:

Description

  • පොතෙහි නම  : බිහිසුණු වනාන්තරයක අතරමංව – bihisunu wanantharayaka
  • කතෘ               : එල් එස් එස් පතිරත්න – L S S Pathirathna
  • පිටු ගණන       : 316

සංචාරකයින් හතර දෙනෙකු බොලීවියාවේදී එක්වන්නේ අප්‍රකට ඇමේසන් වනාන්තර ගෝත්‍රිකයන් දැකගැනීමේ හා සංචාරකයින්ට සිහිනයෙන් හෝ සිතාගත නොහැකි ස්ථාන නැරඹීමේ ගවේෂණයක් සඳහාය. ජීවිත කාලයටම අමතක නොවන වික්‍රමයක් ලෙස ආරම්භවන චාරිකාව වනාන්තරයේ අතරමංවීමත් සමඟ පරිවර්තනය වන්නේ ජීවිතය රැක ගැනීමේ අරගලයක් බවටය.

එකඟ නොවීම නිසා දෙකඩවන කණ්ඩායමේ දෙදෙනකු වු යොසී සහ ඔහුගේ මිතුරා උත්සාහ කරන්නේ මඟපෙන්වන්නෙකු නොමැතිව ගමන්කිරීමටය. නමුත් ඔවුන් දෙදෙනාටද වෙන්වීමට සිදුවන්නේ පහුරක යාත්‍රා කරමින් සිටියදී මුහුණ දෙන බිහිසුණු අනතුරකින් පසුවය. වනාන්තරයේ ගමන්කිරීමට අවශ්‍ය පුහුණුව හෝ ආම්පන්න කිසිවක් නොමැතිව පෘථිවියේ තිබෙන ඉතාමත් භයානක පරිසරයක තනිව අපිළිසරණවන යොසීට සිදුවන්නේ සති කීපයක්ම එහි ගතකිරීමටය. පෙර දැනුමක් ඇතිකරගත නොහැකි වෙනස්වීම් සහිත පරිසරයක හිසට ආවරණයක් හෝ කුසට ආහාරයක් සොයාගැනීම ඉතා දුෂ්කර විය. දෙපයේ සම කුණුවීමට පටන්ගන්නා අතර ඇවිදයාමට අපහසුවන ඔහුට මුහුණදීමට සිදුවන්නේ ඇමේසන් මහා වැසි කුණාටුවලටය. ඒ සමඟ ඔහු වනාන්තරය තුළ ඒ මේ අත ඇවිදයන්නේ දිශාව පිළිබඳ දැනීමකින් තොරවය.

මෙහි සටහන්ව ඇත්තේ සොයාගැනීමට නොහැකි ලෙස දෙදෙනකු අතුරුදහන් වීමෙන් අවසන්වන ඔවුන්ගේ බිහිසුණු වනාන්තර චාරිකාව පිළිබඳ සත්‍ය විස්තරයයි.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.