Description
- පොතෙහි නම : සැනසුම් සුසුම් – Sanasum Susum
- කතෘ : ඕෂධී ජයසිංහ – Oshadi jayasingha
- පිටු ගණන : 293
මාලක ආසනයේ පසුපසට කඩාගෙන වැටුනේ පිස්සුවෙන් වගේ. පපුව පැලිලා එතනම මැරිලා යයි කියලා හිතෙන තරමට වේදනාවක් දීලා යශෝධා යන්න ගියේ ආපස්ස හැරිලාවත් නොබලා. මාලක දුරකථනය අතට ගත්තේ යශෝධා හොඳින් ද දැනගන්න. දෙවාරයකදිම පිළිතුරක් නැතිව ඇමතුම අවසන් වුනා. දුරකතනයත් සාක්කුවට දාගෙන මාලක තමන්ගේ කුටියෙන් පිටතට ආවේ අවධානමේ දාන්නේ තමන්ගේ රැකියාව, කළමනාකරුවෙක් ලෙස තමන්ට ඇති ප්රතිරූපය බව නොදැන නෙවෙයි.
සෙමෙන් ඉහල මහලට නැගුනු මාලක යශෝධාගේ මේසය පසුකර ගියා. ඇගේ හිස් අසුන මිස දසුන ඔහුට දැක ගත හැකි වුනේ නැහැ. ආපිට හැරී පැමිණෙන අතර විපරමින් බැලුවත් පළමු මහලේ කොතැනක හෝ යශෝධා සිටියේ නැහැ. මිනිසුන් තිහ හතළිහක් සිටියත් බිම් මහලද ඔහුට පෙනුනේ කිසිවෙක් නොවූ බිං ගෙයක් වගේ. මාලක කෑම කාමරය දක්වා පැමිණියේ දැඩි බලාපොරොත්තුවකින්. එයත් බිඳී ගියා. අවසානයට යශෝධා ඇඳ සිටි ආකාරයේ ලා නිල් පැහැයක් ඔහු දුටුවේ කෑම කාමරයත් නාන කාමරයත් වෙන් වන පටු තීරයේ දී.
එකිනෙකට මුහුණ ලා හමු වූ නිසා මග හැර යාමට යශෝධාට ඉඩක් ලැබුනේ නැහැ. රතු වූ කම්මුලුත්, කුඩා වූ දෑසුත් මාලක එක් ඍජු බැල්මකින් හසු කරගත්තා. යශෝධා සුදානම් වුනේ බිත්තියත් මාලකත් අතර ඇති පටු ඉඩෙන් පිට වී යන්න. ඒත් මාලක කෙසේවත් ඊට ඉඩක් ලබා දුන්නේ නැහැ. දෑඟිලි වලට පවා පුරුදු ඉඟ වටා අත යවා මාලක යශෝධාව තෙරපා ගත්තේ තමන්ගේ පපුවට.
“මට සමාවෙන්න… මට සමාවෙන්න මැණිකේ…” කන් පෙති අසලට තෙරපෙන තොල් වලින් කියූ දේ වැටහුනත් යශෝධා හැකි වෙර යොදා මාලකගෙන් ඉවත් වීමට උත්සහ කළා. එය පහසු නොවෙන විට බොහෝ කෘෂව ඇති දෑත් මාලකගේ පපුවට තබා ඔහුව තල්ලු කිරීමට උත්සහ කළා.
“යශෝ, ඔයා හිතන් ඉන්න දෙයක් සිද්ද වුනේ නැහැ. මම කවදාවත් ඔයාගෙන් ඈත් වෙන්න හිතුවේ නැහැ. එදා වගේම මම ආදරෙයි. තාම එහෙම… ම… ඩිවෝස් එකක් ගැන මම දැනගෙන හිටියේ නෑ. මට එහෙම කරන්න ඔිනෙ වුනේ නෑ.” යශෝධාගේ උත්සාහය වලකමින් මාලක අවුරුද්දකට වැඩි කාලයක් යශෝධාට කියන්න උවමනා වූ දේ හැකි ඉක්මනින් කියන්න උත්සහ කලා. ඒත් මොහොතකට හෝ යශෝධාගේ හැසිරීම වෙනස් වුනේ නැහැ. අවසානයේ යශෝධා ඔරවාගෙන මාලක දිහා බැලුවේ ඔහුගේ ශක්තිය අභිබවා යන්නට හැකියාවක් නැති බව වටහා ගනිමින්.
“මට යන්න දෙනවද නැද්ද?” අතර මැද්දෙන් පැන කේන්තියෙන් ගිනි ගන්න ඇස් වලින් ඔරවමින් යශෝධා කිව්වේ මාලකව ගිනි තියමින්.
“අඩුගානේ මට කියන්න තියෙන්නේ මොකක්ද කියලවත් අහන්න…”
“ඔයාට කියන්න තියෙන දේ ඔයාගේ ලෝයර් ඇවිත් උසාවියේදී කිව්වා මිස්ටර් ගුණවර්ධන. මට යන්න දෙන්න… ෆෝ ගෝඩ් සේක් මේ මම රස්සාව කරන තැන, මෙතනින් අයින් වෙනකන් මට කතාවක් අහන්නේ නැතුව මෙතන ඉන්න දෙන්න.” යශෝධාගේ බැල්මත්, හඬත් දෙකම කිව්වේ එකම කතාවක්. මාලකගේ අත ලිහිල් වුනේ තමන් ගැන ආදරේ විතරක්ම තියෙන ඇස් වල තිබුන කේන්තියේ තරම එදා දැකපු ආදරේටත් වඩා සෑහෙන වැඩි නිසා.
‘සැනසුම් සුසුම්’ පෙර ඇණවුම් අද රාත්රියෙන් අවසන්.
විශේෂම වට්ටම් මිලකට පොත ගන්න තියෙන්නේ තව පැය කීපයයි









Reviews
There are no reviews yet.