-20%

අසම්මතයේ පාපොච්චාරණය

Original price was: රු1750.Current price is: රු1400.

Description

  • පොතෙහි නම  : අසම්මතයේ පාපොච්චාරණය – Asammathaye Papochcharanaya
  • කතෘ               : දිනූෂා වීරරත්න – Dinusha Weerarathna
  • පිටු ගණන       : 304

මේ ලෝකේ හුඟක් ගෑනු පිරිමි ඉස්සරහ නිරුවත් වෙන්නේ කවුරු කොහොම කිව්වත් හේතු දෙකක් නිසා… එකක් අසීමාන්තිකව ඒ මනුස්සයට ආදරේ කරන නිසා. එහෙමත් නැත්නම් අසරණකමට… පාරට වැටෙන හැම ගෑනියෙක්ම අනිවාර්යයෙන් ඔය හේතු දෙකෙන් තැනක නතර වුණ කෙනෙක්… ඒ ගෑහැනියෙක්ට හදවතට තට්ටු කරලා ඇහුවොත් හැම ගැහැනියක්ම කියයි කොහේ හරි කොතනක හරි වැරදුණේ පිරිමියෙක් නිසා කියලා… ඒත් අවාසනාවට මිනිස්සු හුඟක් කතා කරන්නේ ගෑනූ නිසා වරදින පිරිමි ගැන විතරයි… අනුකම්පා කරන්නෙත් එයාලට විතරයි… ගෑනියෙක් පිරිමියෙක් එකට එකතුවෙලා කරන හැම වැරැද්දකදිම දොස් අහන්නේ ගෑනු විතරයි, විඳවන්නෙත් ගෑනු… ගෑනුකම රකින්නත් ඕන ගෑනු, රැකෙන්නත් ඕන ගැනු… හැබැයි ඒ ගෑනිව එතෙන්ට ඇදලා දාපු හැම පිරිමියෙක්ම හැම තැනකදිම නිවැරදියි …

මේ නන්දිතා ද සොයිසාගේ පාපොච්චාරණය

අතීතේ ඉඳන්ම වැද්දට කඩුව දුන්නා කියලා ගැනු තාම බැණුම් අහනවා… හැබැයි කවුරුත් ඇයි කඩුව දුන්නේ කියලා එයාගෙන් අහන්නේ නෑ, මැරුණු එකා දිහා බල බල හූල්ලනවා මිසක්… හැම කාසියකම දෙපැත්තක් තියෙනවා, හැම දේකම දෙපැත්තක් තියෙනවා… මිනිස්සූ වැරදි කරහම ඒ කරුම ගෙවන්නේ එකම විදියට, කරුමවලදි මේ ගෑනියෙක් මේ පිරිමියෙක් කියලා අඩු වැඩි වෙන්නේ නෑ… ගැනු, පිරිමි ප්රශ්නවලදි වැඩියෙන්ම රිද්ද ගත්තේ ගෑනූ… ස්පෙශලි සෙක්ස්, එතනදි ගෑනු බාල්දු වෙද්දී පිරිමි වීරයෝ වෙනවා… මිනිස්සූ ඉස්සරහට යනවා කියලා අඩිය තියන්නෙම සාම්ප්රදායික කුණු කරේ තියන් යන එකටයි. ඒකයි ඇත්ත…

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.