Description
- පොතෙහි නම : දෑතින් බැඳි – Dathin Bandi
- කර්තෘ : ඕෂධී ජයසිංහ – Oshadi jayasingha
- ප්‍රකාශනය :
- වර්ෂය : 2025
- පිටු ගණන : 360
නගරයට පැමිණෙන විට ධාරානිපාත වී තිබූ වර්ශාවට මීදුමත් එක්වී තිබුනේය. එහෙයින් පසුපස තිබූ කුඩය සොයා ගැනීමට ඇතුලත විදුලි ලාම්පු දැල්වීමට ද ධනුජට සිදු විය. ඔරලෝසුව පසු කරමින් සිටියේ පස්වරුවේ පහේ කණිසම වුවද, රාත්රී ඝන අන්ධකාරය පරිසරය පුරා පැතිරී ගොස් තිබුනේය.
යන්තමින් දොර ඇර කුඩය ඉහලන විටත් ධනුජ හිරිකඩට තෙත බරිත විය. එහෙයින් ඔහු දොර වසා දමා අනෙක් පසින් පැමිණ සස්මිතාට බැසීම සඳහා දොර ඇරියේ හැකි තරම් අසුනට ආසන්න වෙමිනි. සස්මිතා අත දොරට තබා උස් ජීප් රියෙන් බැසීම සඳහා පිටතට එක් පයක් තැබුවාය. එහෙත් වර්ශාව නිසා තෙමී ගොස් තිබූ රිය බඳ මත තැබූ පය ලිස්සා ගියේ ඇය බලාපොරොත්තු නොවූ ලෙසිනි. ඇය දෑතම ධනුජගේ ලය මත තැබුවේත්, ධනුජ සිය නිදහස් අත ඇගේ බඳ වටා යැව්වේත් එකම මොහොතකය.
“පරිස්සමින්…” හීන් මෘදු ඒ හඬ ඇසුනේ සස්මිතාගේ කන අසලින්මය. පිටත පැවති සීතල කෙසේ වී ද ඊට වැඩි සීතලකින් ඇගේ සියොලඟ පුරා හිරිගඩු පිපුනේය. බඳ වටා යැවූ අතින්ම ඇය කෙලින් කර වාහනයෙන් බස්සවා ගත්තේ ද ඔහු විසිනි. දෙපා පොලව මත තබා සස්මිතා හිස ඔසවා ධනුජ දෙස බැලුවාය. අඳුරු අහසේ දිලිසෙන තාරකා ආලොක දෙකක් මෙන් ඔහුගේ දෑස් දිලිසෙයි. ඒ ආලෝකය දරා ගැනීම ඇයට පහසු වුනේ නැත. එහෙයින් හිස පහතට නවා ගත්තේත් සස්මිතා විසිනි.
විශාල කුඩය යට සිටියද දෙදෙනාම දෙපසින් හිරිකඩට නිරාවරනය වී තිබූහ. හපුතලේ වර්ශාව පොලවට වැටෙන්නේ ආනතවය. එහෙයින් කුඩයකින් ආවරණය කර ගත හැක්කේ හිස පමණි. සස්මිතාගේ ඉඟ වටා වූ අත ධනුජ ඇගේ උරහිස වටා දමා ඇයව තමන් වෙතට තවත් ලං කරගත්තේය. සස්මිතා ඇගේ අත ධනුජගේ බඳ වටා දමා ගත්තාය. ඒ හැර නොතෙමී ගමන් කිරීමට වෙනත් විකල්පයක් තිබුනේ නැත. එකිනෙකාගේ උනුසුම එකිනෙකාට හොඳින්ම දැනෙමින් තිබිනි. ධනුජ ඇයව රැගෙන ගියේ සංචාරකයන් සඳහා සේවා සපයන හපුතලේ නගර සීමාවේ පිහිටි අවන්හලකටය.
අහම්බෙන් මෙන් ඔවුන් දෙදෙනා එකිනෙකාට තුරුලු වී අවන්හලට ඇතුලු වන විටම ඔවුන් හඳුනා ගන්නා දෑසක් අවන්හල තුල ඇති බව සස්මිතාත්, ධනුජත් දැන සිටියේ නැත.









Reviews
There are no reviews yet.