-20%

මීදුම් වලව්ව

Original price was: රු1950.Current price is: රු1560.

SKU: Meedum Walawwa Dilrukshi Gamage Sithuwili Categories: , , Tag:

Description

  • පොතෙහි නම  : මීදුම් වලව්ව – Meedum Walawwa
  • කතෘ              : දිල්රුක්ෂි ගමගේ – Dilrukshi Gamage
  • පිටු ගණන      : 505
  • වර්ෂය             : 2026
  • ප්‍රකාශනය      Sithuwili Publications
“පියසේන මලයා එක මැතිරිල්ලයි මැතිරුවේ මිනිහා නැගිට්ටා. ඒ උනාට වරු තුනක් යනකල් කරන්න දේවල් තියෙනවා කියලා එහේ නතරකර ගත්තා. බඩු ලිස්ට් එකක්ම ලියල දුන්නා. දැන් කොල්ලෝ එහෙ මෙහෙ දුවනවා. පියසේන ඒත් ඇහුවා ඉස්කෝලෙ මහත්තයයි, නෝනයි බය වෙලාද ඉන්නේ කියලා.”
එසේ පැවසූයේ සවස සීයාගේ නිවසට පැමිණි ගැමි තරුණයෙකි. තිලකරත්නත්, ඔහුත් එකඟව සිටියේ සවස පියසේනගේ නිවසට ගොස් මෙත්තානන්දව බැලීමටය. පියසේනගේ නිවසට යන්නට දැඩි ඕනෑකමක්ද නාද්ට විය. ඒ සියල්ලටම පෙර ආන්‍යාව හමුවීමේ උවමනාවක් ඔහුගේ හදවත රිදවමින් තිබිණ. අවසන ඔහු ඒ සිතැඟි වලට ඉඩ දුන්නේය.
“මගේනම් කැමැත්තක් නෑ පුතා අද මේ විදිහට එහෙ මෙහෙ යනවට. ඔය හා හෝ වල් අඩු වෙනකල් ටිකක් ගේ ඇතුලට වෙලා හිටියනං හොඳයි..”
අත්තම්මා එසේ පැවසූයේ නාද් මිතුරෙකු හමුවීම සඳහා උනවටුනට යනවායැයි පවසද්දීය. එය වේලාවේ හැටියට හදාගත් බොරුවකි.
“මේවා හින්දා ඒ ළමයාගේ පුද්ගලික ගමන් බිමන් නතර කරන්නේ කොහොමද? ඒවා කලින් යොදා ගත්ත වැඩ වෙන්න ඇතිනේ..අපි කොහොමද රාජකාරි කටයුතු පාලනය කරන්නේ”
අත්තම්මා මදක් පසුපසට වූයේ සීයාගේ ඒ වදන් සමඟය.
“ගොඩක් වෙලා යන්නේ නෑ අත්තම්මේ. අපේ ඔය ඉස්සරහ ෆිල්ම් එකේ වැඩේට තමයි මට එයාව හමුවෙන්න ඕන. මේ දවස්වල ඉන්නේ උනවටුනේ. මම දැන් මෙහේ ඉන්න නිසා මෙහේදිම හමුවෙමු කියලා යෝජනා කළේ මම. එහෙම එකේ නොගිහින් ඉන්න එක හොඳ නැහැනේ සීයේ. අපි හවසට මෙත්තානන්ද බලලා එන්නත් යමු. මම මොනවා හරි අරගෙන එන්නම්.”
“ගියාට කමක් නෑ ඔය තැන්වල දෙන්නත් එක්ක තැක් ගැහෙනව එහෙම නෙමෙයි. අනික මේ ඉලන්දාරියත් අරගෙන. අහක යන යක්කුත් ඇඟට පටවලා එවන්න බැරිකමක් නෑ..”
නාද් අඩියක් දෙකක් පෙරට තැබුවේ පියසීලී එසේ පවසද්දීය. අවට ගම්මාන සමග බලන කල තවමත් ඔවුන් ජීවත් වූ මේ ගම හුදෙකලා එකක්යැයි නාද්ට සිතේ. හිස් ඉඩම් ඕනෑ තරම් වුවත් කිසිවෙකු අලුතින් ගමට පදිංචියට පැමිණෙන පාටක් පෙනෙන්නට නැත. මීදුම් වලව්වේ ඉඩම් හැරුණු කල සශ්‍රීක කළ හැකි, ජනාවාස වලට පත් කළ හැකි ඉඩ කඩම් ඕනෑ තරම්ය. ගමට වූයේ එකම එක කුඩා කඩයකි. ඉන් එහාට ගිය කිසිදු ආර්ථික වටිනාකමක් ඇති තැනක් වූයේද නැත. බසයකට නැගීමට කිලෝමීටරයක් පමණ දුර පයින් ඇවිදගෙන යා යුතුය. අඩු ගණනේ ගම තුළට පැමිණෙන්නට හන්දියේ ත්‍රී රෝද රථයක්වත් නොවේ. අවම පහසුකම්වත් මේ ගම්මානය තුල නැතැයි නාද්ට සිතුනේ එනිසාය.
පාලම් ගැට්ටට මඳක් එහාට වන්නට වාහනය නතර කළ නාද් කඳු මුදුනට ඇවිදගෙන ගියේ වෙනදා වූ සැහැල්ලුවෙන් නොවේ. මෙත්තානන්දගේ ස්වරූපයත්, ගම්මුන් පැවසූ කතාත් යම් තරමකට ඔහුගේ සිත නොසන්සුන් කර තිබිණ.
අවසන ඒ සියලු සැක සංකා මගහරිමින් ඔහු ඇයව දුටුවේය. ඇය උන්නේ ඔහු එන පෙර මග බලාගෙනය. තමා දුටු ඒ මුව මත සිනහ රැල්ලක් සටහන් වනඅයුරු නාද් බලා සිටියේ සන්සුන්වය. සුපුරුදු ලෙසම සඳ පිණි ඇගේ ගතට තුරුළුව උන්නාය.
“මං එනකල් බලාගෙන හිටියද…..”
ආන්‍යා හිස වැනුවේ ඔහු එසේ අසද්දීමය. තරුණයා තමා අත උන් බෝනික්කෙකුගේ හැඩය ඇති යතුරු රඳවනය ඇය වෙත දිගු කළේ ඒ සිනහව තම දෑස්වල අලවාගෙනය.
“මේක මටද…..”
යුවතිය ඇසුවේ සංඥා භාෂාවෙන්ය. නාද් “ඔව්” යැයි පවසමින් හිස වැනුවේය. ඇගේ සිහින් දෑස් වල වූයේ කඳුළකි. ඔහු ආන්‍යාගේ දකුණත අල්වාගෙන ඇයව කැඳවාගෙන ගියේ මදක් එහාට වන්නට වූ කුඩා ගල්තලාවක් පාමුලටය. එතැන එක එල්ලේ කිසිවෙකුට නොපෙනේ.
“මම හිතුවා ආයේ එන එකක් නෑ කියලා.”
එවරත් යුවතිය පැවසූයේ සංඥා භාෂාවෙන්ය. සිය දෑත් මෙහෙයවා ඇය එය ඔහුට තේරුම් ගන්වන්නට උත්සාහ කළත් නාද් එවදන් වටහා ගත්තේ ඇගේ දෙතොල් දෙස බලාගෙනය. හඬ පිට නොවුනත් ඇයට කතා කරන්නට හැකියාව ඇතැයි තරුණයාට සිතුනේ එනිසාය. ඒ දෙතොල් සෙලවෙන්නේ කතා කළ හැකි කෙනෙකුගේ දෙතොල් සෙලවන තාලයටමය.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.